Gossips

පාසලට හඳුන්වා දුන් ඔන්ලයින් විභාග ක්‍රමය අඛණ්ඩව

විභාග දෙපාර්තමේන්තුව හරහා පාසල් විභාගයකට පළමු වරට හඳුන්වා දුන් ඔන්ලයින් ක්‍රමය යටතේ විභාග පැවැත්වීම සාර්ථක වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අපොස උසස් පෙළ සිසුන් සඳහා පවත්වන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු මස 11 වැනි දින සිට 18 වැනි දින දක්වා සැසි දෙකක් ලෙස පැවැත් වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සිසුන් එක් ලක්ෂ 86,000 ක් ඒ සඳහා පෙනී සිට තිබෙනවා.
ඉදිරියේදී රජයේ දෙපාර්තමේන්තුවල කාර්යක්ෂමතා කඩඉම් විභාග යනාදියද ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.