පුත්තලම – උඩප්පුව ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක වහලය මත නැගී පරවියන් අල්ලමින් සිටි සිසුවෙකු ඉන් ඇද වැටී මිය ගොස් තිබෙනවා.
ඊයේ (22) පස්වරුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලබන 13 හැවිරිදි උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සිසුවා පාසලේ ගොඩනැගිල්ලේ වහලයේ උළු ගලවා පරෙවියන් ඇල්ලීම සඳහා සිවිලිමට බැසීමට උත්සාහ කළ අවස්ථාවේදීයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
