භූ කම්පනයෙන් සහ සුනාමි රළ පහරින් මිය ගිය සුලවේසි දිවයින්වාසීන්ගේ සිරුරු මිහිදන් කිරීම සඳහා ඉන්දුනීසියාව දැවැන්ත සමූහ මිනී වළක් කණින බව වාර්තා වනවා.
සුනාමියෙන් ඉමහත් විනාශයක් සිදුවූ වෙරළබඩ පාලූ නගරයට ඉහළින් වූ පොබෝයා කඳුකර ප්‍රදේශයේ කණින මීටර් 100ක් පමණ දිගැති මෙම සමූහ මිනී වලෙහි සිරුරු 1300ක් පමණ මිහිදන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
සුනාමියෙන් මිය ගිය සංඛ්‍යාව 844ක් ලෙස නිළ වශයෙන් සටහන් වුවත්, හුදෙකලා වූ ප්‍රදේශ සහ කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර සිර වූ මළ සිරුරු ඉවත් කර ගැනීමේදී එම සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යා හැකි බව විශ්වාස කෙරෙනවා.
මෙම දැවැන්ත ආපදාවට මුහුණ දීම සඳහා ජාත්‍යන්තරයේ කඩිනම් සහය අපේක්ෂා කරන බව ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ප්‍රකාශ කළා.