Gossips

පාලමක් විවෘත කරන්න ගිය හිටපු ජනපතිනිය ඇතුළු පිරිසකට විරෝධයක්

අත්තනගල්ල – බෝනෑගල – මීවල පාලම විවෘත කිරීමේ උත්සවයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු පිරිසකට අද විරෝධතාවක් එල්ල වුණා.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළේ.
මෙම පාලම පසුගිය 11 වනදා රාත්‍රියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසක් මීට පෙර විවෘත කර තිබුණා.
එහෙත්, එය හිටපු ජනාධිපතිනිය ඇතුළු පිරිස අද පෙරවරුවේ යළිත් වරක් නිල වශයෙන් විවෘත කිරීමට කටයුතු යොදා තිබූ අතර, එම අවස්ථාවේ ඔවුන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්.