Gossips

පාලමක් මතින් වැටුනු බව කියන වාහනයක් සොයා මෙහෙයුමක් (ඡායාරූප)

මහවැව ලුණුඔය පාලම මතින් ඔයට වැටුනු බව කියන වාහනයක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අද අලුයම පාලම මතදී කුඩා වෑන් රථයක් ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබුනා.
එහි රියදුරා පොලිසිය ප්‍රකාශයට ඇත්තේ තමන්ට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවූ බවයි.
ඔහුට සුලු තුවාල සිදුවී ඇති අතර ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුලත් කෙරුනා.
කෙසේවෙතත් අනතුරින් පසු පාලමේ ආරක්ෂිත වැටට සිදුව ඇති හානිය සහ ඔයේ තිබු ඉන්ධන පැල්ලම් හේතුවෙන් කිසියම් වාහනයක් පාලම මතින් වැටී ඇති බවටයි සැක කෙරුනේ.
ඒ අනුව මාරවිල පොලිසිය ධීවරයන් දෙදෙනෙකු කැඳවා තෙප්පමක් යොදාගෙන ලුණුඔයේ නිරීක්ෂණ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
ඔයේ කිඹුලන් ගැවසීම හේතුවෙන් කිසිවෙකු ඔයට බැසීමට අකමැත්ත පළකිරීම ඊට හේතුවයි.
කෙසේවෙතත් එහිදී කිසිදු පුද්ගලයෙකු හෝ වාහනයක් සොයා ගැනීමට හැකිවී නැහැ.
මාරවිල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරනු ලබනවා.

ඡායාරූප – පුත්තලම ජූඩ් සමන්ත