රටේ පාලනය තීරණය කිරීමේ ශක්තිය දෙමළ ජාතික සන්ධානය සතු බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් පවසනවා.
යාපනය ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, යාපනය – වලිකාමම් ප්‍රදේශයේ අද පැවැති සම්මන්ත්‍රණයකට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් උතුරේ සංවර්ධනය සම්බන්ධයෙන් ද අදහස් පළකළා.
