Gossips

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ට නිදහස

කොන්දේසි මත සේවක ග්‍රහණයේ සිටි පාරිභෝගික සේවා අධිකාරි සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුලූ නිලධාරි මඩුල්ල ඊයේ (07) රාත්‍රියේ මුදාහැර තිබෙනවා.
එම අධිකාරියේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා ඉවත් කරන ලෙසට බලකරමින් ඊයේ පස්වරුවේ එම නිලධාරීන්ව සේවකයින්ගේ ග්‍රහණයට ගනු ලැබුවා.
අවස්ථා කිහිපයකදී මානව සම්පත් අංශයේ ප්‍රධානියාට පරීක්ෂණයක් සිදුකරන බැවින් වැඩ තහනම් කර ඉවත් කරන ලෙසට දැනුම් දී තිබුණත්, එය ඉටු නොවූ බව පවසමිනුයි සේවකයින් සභාපතිවරයා ඇතුළු පිරිස කාර්යාල අඩස්සියට ගෙන තිබුණේ.
කෙසේ වෙතත්, ඔහු ඉවත් කරන බවට සභාපතිවරයා ඇතුළු නිලධාරී මඩුල්ල ලබාදුන් පොරොන්දුව මත ඊයේ රාත්‍රියේ ඔවුන් මුදාහැර තිබුණා.