Gossips

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ව්‍යාජ නිලධාරීන් පිළිබඳ දැනුම් දීමක්

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් බව පවසමින් වෙළඳසැල් පරීක්ෂා කොට ව්‍යාපාරිකයින් බිය ගන්වා මුදල් ඉල්ලා සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් එම අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙලෙස වංචාසහගත ලෙස මුදල් ලබා ගන්නා කණ්ඩායමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම ඊට හේතුවයි.
වෙළදසැලට පැමිණෙන නිලධාරීන් ගැන තහවුරු කර ගැනීම සඳහා 0771 088 922 දුරකථන අංකය ඇමතිය හැකි බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දුන්නා.