Gossips

පාර්ලිමේන්තු සැසි වාරය කල් නොදමන බව ජනපති කියයි – උණුසුම් තත්ත්වයක් සමඟ පාර්ලිමේන්තුව 19 වන දා දක්වා කල් යයි (ඡායාරූප)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසි වාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.
මේ අතර, පාර්ලිමේන්තුව ලබන 19 වන දා දක්වා කල් තබන බව කථානායක කරු ජයසූරිය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්, පාලිත තෙවරප්පෙරුමට සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට විරෝධය පළ කරමින් පස්වරු 2.15 පමණ කථානායකවරයා පාර්ලිමේන්තු සභා ගර්භයයට පැමිණියේ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.
එහිදී කථානායක අසුන වෙත නොපැමිණි ඔහු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මයික්‍රෆෝනයකින් සභාව අමතනු ලැබුවා.
එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පොලීසියට දෙසට ප්‍රහාර එල්ල කළ අතර, පසුව ස්ථාවර නියෝග අත්හිටුවා විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡුන්දය විමසන බවයි කථානායකවරයා සදහන් කළේ.
අනතුරුව අත් ඔසවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය ඡුන්දය ප්‍රකාශ කළ අතර, එය පිළි ගන්නා බව ප්‍රකාශ කරමින් කථානායක කරු ජයසූරිය පොලිස් ආරක්ෂාව මධ්‍යයේම පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගියා.