Gossips

පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනයට තීරණයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමකින් අනතුරුවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද සහභාගීත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.