Gossips

පාර්ලිමේන්තු යනවා ද?, නැද්ද ? – ආණ්ඩුවේ තීරණය හෙට

හෙට (29) දිනයේදී පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවනවාද? නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තවමත් තීරණයක් ගෙන නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හෙට (29) රැස්වී මේ පිළිබඳ තීරණයක් ගන්නා බවයි.
කථානායකවරයා ස්වාධීනව කටයුතු කරන්නේ නම් පාර්ලිමේන්තු කටයුතු කරගෙන යෑම සඳහා සහයෝගය ලබාදෙන බවද ඔහු සඳහන් කළා.
කථානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ඊයේ (27) දිනයේ ද පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය කටයුතු කළා.
මේ අතර, ඔවුන් පසුගිය 23 වනදාද පාර්ලිමේන්තුව වර්ජනය කරමින් සභා ගැබෙන් පිටව ගියා.