ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි සඳහන් කළේ පෙරවරු 9ට පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා බවයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද අද (14) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ කියා සිටියේ.
