Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා.
අද විභාග වූ නඩුවකට මන්ත්‍රීවරයා පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊට පෙර ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයා පහරදී තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරුණේ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන්.