ආණ්ඩුව පොරොන්දු වූ කරුණු කඩිනමින් ඉටු නොකරන්නේ නම් ඉදිරි අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතුයැයි දෙමළ ජාතික සන්ධානයේ බහුතර මතය වී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද යාපනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු තම ඉල්ලීම්වලට විසඳුමක් ලබා නොදුනහොත් දෙමළ ජාතික සන්ධානය අය වැයට විරුද්ධ විය යුතුබවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් පසුගියදා ප්‍රකාශයක් සිදු කළා.
අද යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
