Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අල්ලස් කොමිසම පැවරූ නඩුව කල් යයි

රුපියල් මිලියන 75කට ආසන්න මුදලක් අයථා ලෙස ඉපයීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුව නොවැම්බර් මස 02 වනදා දක්වා කල් දමා තිබෙනවා.
මෙම නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ අද කැදවූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති ලේඛන ලබා ගත් පරිගණක පරික්ෂා කිරීම සඳහා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නීතිඥයන් අවසන් වරට දින ලබා දුන්නා.
මෙතෙක් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් එම පරිගණක පරීක්ෂා කිරීමක් සිදු කර නොමැති වීම හේතුවෙනුයි මෙලෙස අවසන් වරට දින නියම කර ඇත්තේ.