Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි විඳවන පාපය

සී.වී. විගේනේෂ්වරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බවට පත් කිරීම තම පක්ෂය සිදුකළ විශාල වැරැද්දක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පවසනවා.
මුලතිව්හි පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ එහි ප්‍රතිවිපාක තමන් තවමත් අත් විඳින බවයි.
මේ අතර, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳ දැනුවත් කරන මහජන රැස්වීමක් ලබන බදාදා යාපනයේදී පැවැත්වීමට නියමිතයි.