Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා.
ඒ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සාමාජික ලෙස කටයුතු කළ කාල වකවානුවේදී ආයෝජක සමාගමක් අතර පැවති සාකච්ඡාව පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
එහිදී මන්ත්‍රීවරයා පැය දෙකකට ආසන්න කාලයක් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි බවයි ඔහුගේ නීතිඥයන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.