Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි (ඡායාරූප)

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ගමන් ගත් ජීප් රථය අද (15) උදෑසන අනතුරකට ලක්ව තිබෙනවා.
මීගමුව – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පුස්කොළදෙණිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි ගිරිඋල්ල පොලිසිය පැවසුවේ.
මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය කහ ඉරක් මතදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා ජීප් රථය තුල සිට ඇති අතර මෙම රිය අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි ගිරිඋල්ල පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඡායාරූප – කැකිරාව, කුෂාන් ජයවර්ධන