පාර්ලිමේන්තු මන්ත්රී කාදර් මස්තාන් ගමන් ගත් කැබ් රථය ඒ – 9 ප්රධාන මාර්ගයේ මැදවච්චිය – මාකුඹුගොල්ලෑව ප්රදේශයේ දී යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් එකම පවුලේ තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද පෙරවරුවේ මන්ත්රීවරයා කොළඹ සිට වව්නියාව දක්වා සිය කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී අතුරු මාර්ගයක සිට ප්රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී යතුරුපැදියේ ගමන් ගත් මව, පියා සහ අවුරුදු එක හමාරක් වයසැති දරුවා තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ පියා 27 හැවිරිදි වියේ පසුවන අතර මව 25 වන වියේ පසුවන බවයි.