දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ පස්වරුවේ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සේවකයින් 3 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
පසුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මෙලෙස මියගියේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තිදරු පියෙක්.
