Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, වසරක් යනතුරු පර්මිට් වාහන නැහැ – හයිබ්‍රිඩ් ලීසිං සියයට 50 යි

රුපියලේ අවප්‍රමාණය පාලනය කිරීම සදහා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම වසරක කාලයක් සදහා අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රජයේ ආයතන වෙත වාහන ආනයනය ද මේ යටතේ නැවත දැනුම්දෙනතුරු අත්හිටුවන බවයි.
මෙතෙක් රජයේ සේවකයන්ට ලබාදී ඇති සහනදායි බලපත්‍ර භාවිත කර වාහන ආනයනය මාස 6 කට අත්හිටුවනු ඇති.
එසේම, එම බලපත්‍ර මත පදනම්ව ණයවර ලිපි විවෘත කිරීමක් ද සිදුනොවන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
නව තීරණය යටතේ හයිබ්‍රිඞ් වාහන සදහා මෙතෙක් සියයට 70 ක්ව පැවති ලීසිං අනුපාතය සියයට 50 දක්වා අඩු කර තිබෙනවා.
බස්, ලොරි සහ ගිලන් රථ හැර අනෙකුත් සියලූ වාහන ආනයනකරුවන් ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට 200 ක ආන්තික තැම්පතුවක් තැබිය යුතු බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
එසේම, ශිතකරණ, වායු සමීකරණ, රූපවාහිනි, සුවද විලවුන්, ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආනයනයේදී ද සියයට 100 ක ආන්තික තැන්පතු අවශ්‍යතාවක් පනවා තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ විනිමය අනුපාතිකයේ වෙනස් වීම් නිරන්තරයෙන් අධීක්ෂණය කර ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි.