Gossips

පාර්ලිමේන්තු ගැටුම ගැන විමර්ශන අවසන් අදියරේ

පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කතානායකරවයා විසින් පත් කළ කමිටුව අද යලි රැස්වීමට නියමිතයි.
එහි සභාපතීත්තවය දරනු ලබන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින්.
අප කළ විමසීමකදී නියෝජ්‍ය කතානායකවරයා සදහන් කළේ ගැටුමට අදාළ සී.සී.ටී.වී දර්ශන රැසක් මේ වනවිටත් නිරීක්ෂණය කර අවසන් බවයි.
අද දිනයෙන් පසු එම කටයුතු නිමා වන අතර, ඉන් අනතුරුව, කමිටු වාර්තාව සකස් කරන බව සදහන්.
කමිටුව මගින් සකස් කරන වාර්තාව විමර්ශන මෙහෙයවන පොලිස් නිලධාරින් සමග ඒකාබද්ධව සමාලෝචනය කිරීමට නියමිත බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි වැඩිදුරටත් කියා සිටියා.
ඉන් අනතුරුවයි, කතානායකවරයා වෙත පාර්ලිමේන්තු ගැටුම පිළිබද පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.