පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගිය දා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වන අතුරු වාර්තාව කථානායකවරයාට ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට නියමිතයි.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් එම සිද්ධිය පිළිබදව සොයා බැලීමට පත් කළ කමිටුව අද පෙරවරුවේ යළි රැස්වුණා.
එමෙන්ම එම ගැටුම සම්බන්ධයෙන් වන වාර්තාවේ කටයුතු ද මේ වන විට අවසන් කර ඇති බවයි නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේ.
මේ අතර, අද රැස්වූ කමිටුවේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සංශෝධිත වාර්තාව ද ලබාදී තිබෙනවා.
පසුගිය දා ඇති වූ ගැටුමෙන් පාර්ලිමේන්තුවට රුපියල් තුන් ලක්ෂ 20,000ක දේපළ අලාභයක් සිදුව ඇති බවයි එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ.
මේ අතර, මෙම වසරේ සමාරම්භක පාර්ලිමේන්තු සැසිවාරය අද පස්වරු 1ට ආරම්භවීමට නියමිතයි.
තානාපති වරප්‍රසාද පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීම මෙහිදී සිදුවනු ඇති.
එසේම එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර දිවුරුම් දීම ද අද පාර්ලිමේන්තු සැසි වාරය තුළ සිදුවනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
