Gossips

පාර්ලිමේන්තු ගැටුම ගැන අතුරු වාර්තාවක් – හානිය ගැන යළි තක්සේරුවක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් කථානායකවරයාට ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් එම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදියි.
එම අතුරු වාර්තාව සකස් කිරීමෙන් පසු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ.
මේ අතර පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට සංශෝධිත වාර්තාවක් ලබාදෙන ලෙස මෙම කමිටුව අද නියෝග කළා.
ඊට හේතුවී ඇත්තේ තක්සේරු දෙපාර්තමේන්තුව මීට පෙර ලබාදුන් වාර්තාවේ දෝෂ පැවතීමයි.
එම වාර්තාවේ සඳහන් කරුණු පාර්ලිමේන්තුවේ සවිකර ඇති උපකරණ සැපයූ සමාගමේ ඇස්තමේන්තුව හා නොගැළපෙන බවයි වාර්තාවන්නේ.
එමෙන්ම මේ වනවිට පාර්ලිමේන්තු සභා ගර්භයේ ගැටුම පිළිබඳ විමර්ශන මෙහෙයවන පොලිස් කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය ඇතුලූ පුද්ගලයන් 140 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.