පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුවේ වාර්තාව කතානායකවරයා වෙත භාරදී තිබෙනවා.
කතානායක කාර්යාලය ප්‍රකාශ කළේ කමිටුවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින් මෙම වාර්තාව කතානායකවරයා වෙත භාර දුන් බවයි. පසුගිය වසරේ නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනවලදි මෙම ගැටුම්කාරි තත්ත්වය ඇති වූ අතර, කතානායක කරූ ජයසූරිය පත් කළ මෙම කමිටුවට පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළත්.
