Gossips

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව සභාගත කෙරේ

පසුගිය වසරේ නොවැම්බර් මස 14,15,16 යන දිනයන්හිදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ කලහකාරී සිද්ධිය පිළිබදව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහිදී කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, චමින්ද විජේසිරි, විමල් වීරවංශ, එස්.බී. දිසානායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.