Gossips

පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ – ජොන්ස්ටන් මහින්ද හමුවක්

ඒකාබද්ධ විපක්ෂය හෙට කොළඹදී සංවිධාන කර ඇති විරෝධතාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා සභාව හෙට දක්වා කල් තැබීමට කථානායක කරූ ජයසූරිය පියවර ගත්තා.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග යටතේ අග්‍රාමාත්‍යවරයාගෙන් හෙට පැවැත්වෙන විරෝධතාවට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.
එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්වයක් මතුවූ අතර, අවසානයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ විරෝධය පළ කළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඒ අනුවයි කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබීමට පියවර ගත්තේ.
මේ අතර සතොස ආයතනයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.
එහිදී ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කතාබහක නිරත වෙමින් යන ආකාරය වාර්තාකරුවන්ගේ කැමරාවේ සටහන් වුනා.