Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය හෙට (13) දක්වා කල්තබයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය හෙට (13) උදෑසන 10 දක්වා කල්තබා තිබෙනවා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද ආරම්භ කෙරුණා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 12ක් අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් වූ අතර, පසුව ඒවා විභාගයට ගැනුණේ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
විභාගය පැවැත්වෙන අතරතුර මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි නීතිපතිවරයා අධිකරණයට පැමිණීම සඳහා කාලය ලබාදීමට නඩුව පස්වරු දෙක දක්වා කල් තැබුණා.