Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනු කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙලෙස පෙත්සම් ගොනුකර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවත්, එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා තිබෙනවා.
ඒ අනුව මහ මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙසයි ඔවුන් එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.