Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනමත විචාරණයක් පවත්වන්නැයි ජනපතිට ඉල්ලීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වන ව්‍යවස්ථාව ප්‍රකාරව වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබද තීරණය කිරීම සදහා වහාම ජනමත විචාරණයක් කැදවන ලෙස විද්වතුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් ප්‍රමුඛ විද්වතුන් පිරිසක් ජනාධිපතිවරයා වෙත අද යොමුකළ අදාළ ලිපියේ දැක්වෙන්නේ වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ කණ්ඩායම් විසින් මුදලට හුවමාරු කරන බවට සහ කතානායකවරයා නීතියට බැහැරව යමින් ක්‍රියා කරන බවට සමාජයේ ප්‍රබල කථිකාවක් පවතින බවයි.
එවැනි තත්ත්වයකදී නව පාර්ලිමේන්තුවක් ජනතාවගේ ඡන්දයෙන් පිහිටුවීමට ක්‍රියා කිරීම උචිත බව අදාළ විද්වතුන් පෙන්වා දෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජාතික වැදගත්කමකින් යුක්ත කාරණාවක් සම්බන්ධව ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමේ ව්‍යවස්ථානුකූල අධිකාරිය ජනාධිපතිවරයා සතු බව ද ඔවුන් යොමුකළ ලිපියේ සදහන්.