Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි – ජී.එල්

ජනතා අවශ්‍යතා මත කටයුතු නොකරන හෙයින් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පිරිස් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (24) පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.