Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව තවත් පැය දෙකකින්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 තීන්දුව තවත් පැය දෙකකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ මෙම පෙත්සම් විභාග කෙරුණු අගවිනිසුරු නලින් පෙරේරා ඇතුලූ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. ශ්‍රේෂ්ඨාධිකරණය අවට මේ වනවිට ආරක්ෂාව තර කර ඇති අතර අමතර පොලිස් කණ්ඩායම් ද කැදවා ඇති බවයි එහි සිටින හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.