Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම අනිද්දා දක්වා දීර්ඝ කෙරේ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
මීට අදාළ පෙත්සම් විභාගය අද දිනයේත් අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදුවූ අතර පෙත්සම් විභාගය හෙට දිනය දක්වා කල් තැබීමටයි මීට ටික වේලාවකට පෙර විනිසුරු මඩුල්ල තීරණය කළේ.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම හෙට දිනය දක්වා වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.