Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදියි

නව රජයක් තෝරාපත්කර ගැනීම සදහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි බව මුතියංගන රජමහා විහාරයේ භාරකාර ශාස්ත්‍රපති ආචාර්ය පුජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් පවසනවා.
මුතියංගන රජමහා විහාරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.
ශාස්ත්‍රපති ආචාර්ය පුජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමි- භාරකාර – මුතියංගන රජමහා විහාරය
– මේ රටේ රාජ්‍ය නායකයානන් හටියට ඉතාම ප්‍රජාතන්තවාදීව නව රජයක් තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුව විසුරවා හරිමින් සිද්ධ කරන්නට යෙදුන ඒ කටයුත්ත පිලිබදව අපි බෙහෙවින් සන්තෝෂයට පත් වෙනවා. ජනාධිපතිතුමන් රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති පදවියට පත් වෙලා එතුමා රජයක් පිහිටුවාගෙන පසුගිය වසර 3ක තුන හමාරක කාලසීමාව තුළ කටයුතු කරගෙන යාමේ දී මේ රට තුළ ක්‍රියාත්මක වුන ඒ විවිධ බදු බර ඔස්සේ ජනතාවට එදාවේල සරි කරගැනීමට බොහෝ අසීරුතාවයට පත්වෙන අවස්ථාවක ජාතික සම්පත් විදේශිකයන්ට විකුණන අවස්ථාවක එතුමා රට ගැන හිතලා ජනතාව ගැන හිතලා එතුමා යම්වු දේශපාලන තීන්දුවක් ගත්තා. කලින් පැවති අගමැතිතුමන් සමග ඒ රජය ගෙනයාමේ අසීරුතාවය එක්සත් ජාතික පක්ෂයේම ඊළගට ඉන්න ප්‍රබලයන් වන කරු ජයසුරිය මහත්මාටත් සජිත් ප්‍රේමදාස මහත්මාටත් මේ රජයේ වගකීම භාර අරගෙන ඉදිරියට කටයුතු කරන්න කියාල එතුමා මතක් කිරීමම එතුමා තමන් බලයට ගේන්න කටයුතු කරපු ජනතාවට දක්වපු කෘතගුණ සැලකීමක් හැටියටයි අපිට සදහන් කිරීමට පුළුවන්කම තිබෙන්නේ. විශේෂයෙන් අපි සිහිපත් කරන්න කැමතියි මේ රටේ සියලු ජනතාවට තමන්ගේ ඒ ඡන්ද අයිතිය ස්වාධීනව පාවිච්චි කරලා රටට ගැලපෙන සුදුසු ආණ්ඩුවක් පත් කරගැනීම සදහා ඒ අවශ්‍ය කටයුතු ඉතාම බුද්ධිමත්ව සිද්ධ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. දරුණු ත්‍රස්තවාදයෙන් මේ රට නිදහස් කර ගන්නට යෙදුන මහින්ද රාජපක්ස හිටපු ජනාධිපතිතුමන් 2015 අවුරුද්දේ ජනාධිපතිවරණයට මුහුණ දීලා ප්‍රතිඵල නිකුත්වෙන මුල් අවස්ථාවේම පරිණත දේශපාලනඥයෙකු හැටියට ජනතාවගේ තීන්දුවට හිස නමමින් ජනාධිපති මන්දිරයෙන් බැහැලා ගිය ආකාරය. එහෙම බැහැලා ගියත් එතුමාට මේ රටේ තිබුණු ප්‍රසාදය කිසිමාකාරයකින් අඩු වුනේ නැහැ එදා ඉදලා අද දක්වාම. එතුමා මේ අවස්ථාවේදී රටේ ජනතාවගේ අභිලාසයන් මුදුන්පත් කර ගන්නට අවශ්‍ය කරන නායකත්වය රටට ලබා දෙයි කියන විශ්වාසය අපි හැමකෙනා තුළම පවතිනවා.