මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මලයාසියානු පාර්ලිමේන්තුව හෙට විසුරුවා හරින බව එරට අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අද (06) ප්‍රකාශ කළා.
එතැන් සිට දින 60 ක් ඇතුළත මහ මැතිවරණය පවත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, මේ වනවිට මලයාසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්ගේ දේශපාලන පක්ෂය තාවකාලිකව විසුරුවා හැර තිබෙනවා.
ඒ එම පක්ෂය ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛණ සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන්.
