Gossips

පාර්ලිමේන්තුව විසුරුවන්න – බන්දුල

තනතුරුවල ස්ථාවරවීමට ඇතැමුන් දරණ උත්සාහය නිසා රට සහ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අස්ථාවර වී ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව සඳහන් කළා.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මූල්‍ය අර්බුදයක් හටගෙන ඇති බැවින් රට ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව වහා විසුරුවා හැරිය යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.