Gossips

පාර්ලිමේන්තුව යළි කැඳවීම ගැන තවත් ගැසට්ටුවක්

පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් පෙර ගැසට් පත්‍රයේ පැවති අඩුපාඩු නිවැරදි කරමින් නව ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්බන්ධයෙන් මුල්ම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් 12 වනදායි.
එම ගැසට් පත්‍රයේ නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනය ලෙස මැයි 8 වනදා සඳහන් වුව ද ආරම්භ කරන වේලාව පිළිබඳ සඳහනක් තිබුණේ නැහැ.
මේ හේතුවෙන් පසුගිය 23 වනදා ජනාධිපති ලේකම්වරයා විසින් යළි ගැසට් නිවේදනයක් නිකුත් කළා.
නීතිවේදීන් පෙන්වා දුන්නේ දෙවන වරට නිකුත් කළ ගැසට් පත්‍රයේ 70 වන ව්‍යවස්ථාවේ 4 වැනි අනු ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතලවලට අනුව, මැයි මස 8 වන දින පස්වරු 2.15 ට පාර්ලිමේන්තුව රැස්වන බවට සඳහන් කර ඇති බවයි.
එමගින් දක්වා ඇති අනු ව්‍යවස්ථාව නිවැරදි නොවන බවයි නීතිිවේදීන් පෙන්වා දුන්නේ.
ඒ අනුව, එම අඩුපාඩුව නිවැරදි කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙලෙස නව ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.