Gossips

පාර්ලිමේන්තුව උණුසුම්

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තබනු ලැබුවා.
ඒ, ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය විමසූ එම අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි අමාත්‍ය එස්.බී. දිසානායකගේ ඡන්දය ප්‍රකාශවීමත් සමඟයි.
එම ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 51ක් සහ විපක්ෂව ඡන්ද 33ක් ලැබී තිබුණා.
ඒ පිළිබදව දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය එල්ල වූ අතර ඒ අනුවයි කථානායකවරයා පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවේ.
අනතුරුව සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත සංශෝධන සතිතව සම්මත වුණා.
එසේම අද (23) පැවැති විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර දුරකථන සංවාදයක් පවත්වා ඇති බවයි.