Gossips

පාර්ලිමේන්තුව අසළ ඇති බිම්කඩක් ගැන ජවිපෙ ප්‍රශ්න කරයි

කතානායක කරු ජයසූරියගේ නිල නිවස ඉදිරිපිට ඇති අභය භූමියේ බිම් කඩක් කිසියම් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් එලිපෙහෙලි කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණි අතර, එහිදී ඔහු කියා සිටියේ මෙම එලිපෙහෙලි කිරීම ව්‍යාජ ඔප්පුවක් යොදාගෙන සිදුකර ඇති බවයි.