පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතයි.
උදෑසන 10.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ මුදල් කප්පාදු කිරිම සම්බන්ධයෙන් යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර මේ ඊට පිළිතුරු දුන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ අද උදෑසන රැස්වන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවනවාද යන්න පිළිබඳව තීරණය කරන බවයි.
මේ අතර පක්ෂ නායක රැස්වීමක් අද (29) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතර මහජන ගැලරිය සහ කතානායක විශේෂ ආරාධිත ගැලරිය අදත් වැසෙන බවයි සඳහන් වන්නේ.