Gossips

පාර්ලිමේන්තුව අද යළි රැස්වේ

උණුසුම් තත්වයත් සමඟ ඊයේ කල් දැමුණු පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට යළි රැස්වීමට නියමිතයි.
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ජන්දයෙන්, ආණ්ඩුව පරාජයට පත් වූ බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
කථානායකවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධය පළ කිරීමත් සමඟයි පාර්ලිමේන්තුව අද පෙරවරු 10 දක්වා කල් තැබීමටයි කථානායකවරයා තීරණය කළේ.