ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායක අසුන ආසන්නයේ රැදී සිටිමින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට හැකිවී නැහැ.
අද දහවල් 1.30ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විරෝධතාවයේ නිරත වන්නේ ඊයේ දිනයේදී පාර්ලිමේන්තු සභාවට පිහි රැගෙන ආ පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.
මේ වන විට විපක්ෂයේ මන්ත්‍රිවරුන් සභාගර්භයේ සිය ආසනවල අසුන් ගෙන සිටිනවා.
පාර්ලිමේන්තු සංකිර්ණයේ මහජන ගැලරිය පිරි ගොස් ඇති අතර, දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් ද අද දිනයේ කටයුතු ආවරණය කිරිම සඳහා පැමණ ඇති බවයි පාර්ලිමේන්තු සංකීර්ණයේ රැදී සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.
මේ අතර, අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවකට අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද අත්සන් ලබා ගත්තා.
