පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විදුලි සෝපානයක සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ වාර්තා දෙක පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද භාරදීමට නියමිත බව වාර්තා වනවා.
පාර්ලිමේන්තුවේ පවතින සියලූ විදුලි සෝපාන පිළිබඳ තත්ත්ව සහතික වාර්තාව සහ මන්ත්‍රීවරුන් සෝපානයක සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව ඒ අනුව මෙලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ සෝපාන නඩත්තු කටයුතු සිදුකරන සමාගමේ නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ ඉංජිනේරු අංශයේ නිලධාරින් එක්ව සිද්ධිය වූ දිනට පසුදින සිට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර තිබෙනවා.
ඒ අනුවයි විදුලි සෝපාන සම්බන්ධයෙන් වූ වාර්තාව සකස් කර ඇත්තේ.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු විදුලි සෝපානයක සිරවීම සම්බන්ධයෙන් වූ විමර්ශනයේදී හෙළිව ඇත්තේ ඔවුන් විනාඩි 10 කට අඩු කාලයක් එහි සිරව සිටි බවටයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇති විදුලි සෝපානයක් හදිසියේ අක්‍රිය වීම හේතුවෙන් එහි ගමන් ගත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සිරවීමේ පුවත වාර්තා වූයේ පසුගිය බ්‍රහස්පතින්දායි.
අද භාරදෙන වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කථානායකවරයා වෙත ලබාදීමට නියමිතයි.
පසුව කථානායකවරයා සභාවාරය පැවැත්වෙන ලබන 20 වනදා එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.rn
