Gossips

පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්

පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කථානායක තනතුර සඳහා මන්ත්‍රීවරයෙකු පත් කරගැනීමට පාර්ලිමේන්තුවේ මේ වනවිට රහස් ඡුන්ද විමසීමක් පැවැත්වෙනවා.
ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඊට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරිගේ නම යෝජනා කිරීමත් සමඟයි.
එහිදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා කළ මන්ත්‍රීවරියට එම තනතුර ලබාදීම සුදුසු බව යෝජනා කිරීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත් ඊට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද අදහස් පළ කළ අතර, කථානායකවරයා කියා සිටියේ නම් දෙකක් ඉදිරිපත් වී ඇති අවස්ථාවක ස්ථාවර නියෝග අනුව රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවයි.