Gossips

පාර්ලිමේන්තුවේ බහුතරය වන 113 කගේ බලය ආණ්ඩුවට හිමිවී අවසන් – ජනපති

පාර්ලිමේන්තුවේ බහුතරය වන 113 කගේ බලය ආණ්ඩුවට හිමිවී අවසන් බව රට රකින ජන මහිමය රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මේ අතර රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ සංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ජනපති සමඟ එකට එක්ව ගමන් කරන බවයි.
රජයට සහය පළ කරන ‘‘ජනමහිමය’’ රැළිය අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසළදී ආරම්භ වූවා.
රැළියට සහභාගිවීම සඳහා බත්තරමුල්ල – සෙත්සිරිපාය, රාජගිරිය – ගුවන් පාලම සහ පාලම් තුන හන්දිය යන ස්ථාන 3කින් අති විශාල ජනකායක් පා ගමනින් පාර්ලිමේන්තු වට රවුමට පැමිණි බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
ජන රැළිය අමතමින් පිළිගැනීමේ කතාව සිදුකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විසින්.
මීට අමතරව මහින්දානන්ද අලූත්ගමගේ, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ද රැළිය අමතමින් අදහස් දක්වා සිටියා.
එමෙන්ම නව රජයට සහය පළ කරමින් එක්වූ ආරුමුගම් තොණ්ඩමන් ද ජනමහිමය රැළියට එක්වෙමින් අදහස් දැක්වූ බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ.