Gossips

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි

කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මේ වනවිට අවසන් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදී අද පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ෂා ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළා.
මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද මේ වනවිට අවසන් වී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්ද පැවැත්වුණා.
මේ අතර අද දිනයේද පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි එහි ආරක්ෂක කොට්ඨාශය පවසන්නේ.
ජනතාවට අද පාර්මේන්තු ගැලරියට ඇතුලූවීමට අවස්ථාවක් නොලැබෙන අතර එය විවෘත වන්නේ ජනමාධ්‍යවේදීන් සඳහා පමණයි. මීට අමතරව කිසිදු පිටස්තර අමුත්තෙකුට අද මහජන ගැලරියට ප්‍රවේශවීමට අවස්ථාව ලබාදී නැහැ.