Gossips

පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවට කථානායක වගකිව යුතුයි – සන්ධාන මහ ලේකම්

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ කථානායකවරයා බව නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
අගුණකොළපැලැස්ස නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ එම තත්ත්වය නිර්මාණය කළේ කථානායක කරූ ජයසූරිය විසින් බවයි.
මේ අතර ස්ථාවර නියෝග කඩකරමින් තීන්දු ලබාදුන් කථානායකවරයා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.