Gossips

පාර්ලිමේන්තුවේ නව සැසියට වේලාව තීරණය කරයි

මෙතෙක් දැනුම්දී නොතිබුණු පාර්ලිමේන්තු නව සැසිවාරය පටන් ගන්නා වේලාවද මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ නව සැසිවාරය මැයි 08 වනදා පස්වරු 2.15 ට ආරම්භ කරන බවයි.
ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳව පාර්ලිමේන්තු නිලධාරීන් දැනුම්වත් කර ඇති බවද වාර්තාවනවා.
එංගලන්තයේ සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙම වේලාව නිල වශයෙන් සඳහන් කර අලුතින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයා පසුගිය 12 වනදා පාර්ලිමේන්තු සැසිය අවසන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එහි නව සැසිය ආරම්භ කරන දිනය පමණක් සටහන් කර තිබුණා.