Gossips

පාර්ලිමේන්තුවේ දිනෙක වියදම ගැන අලූත් හෙලිදරව්වක් – අමාත්‍යාංශ කිහිපයකට තවදුරටත් එස්.ටී.එෆ්. ආරක්ෂාව

පාර්ලිමේන්තුව රැස්වන එක් දිනෙක වියදම රුපියල් ලක්ෂ 257 ක් බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.
රට තුළ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කාර මණ්ඩල සාමාජික රෝහණ හෙට්ටිආරච්චි මේ බව කියා සිටියා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ මීට පෙර පාර්ලිමේන්තුව රැස්වන දිනක වියදම රුපියල් ලක්ෂ 50 ක් ලෙස වාර්තා වී තිබූ බවයි.
පවතින තත්ත්වය හමුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ගැටලූ විසදා ගැනීම සදහා සාධාරණ උත්සාහයක් නොගන්නා බව දක්නට ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හැර අමාත්‍යාංශ 30 කට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බව එහි අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් ප්‍රකාශ කළා.
ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් භට පිරිස් එම අමාත්‍යාංශ වෙත යොමුකර ඇති බවයි වැඩිදුරටත් කියා සිටියේ.
දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පසුගිය බ්‍රහස්පතින්දා සිට අමාත්‍යාංශවලට මෙලෙස විශේෂ ආරක්ෂාවක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.