පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති වීම නිසා සීනුව දෙවරක් නාද කිරීමට මූලාසනයට අද සිදුවුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකළ හෙලිදරව්ව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ කල් තැබීමේ විවාදය අතරතුර ඝන පූර්ණය නොමැති බවට කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා විසින් පෙන්වා දීමත් සමගයි සීනුව නාද කෙරුණේ.
පළමු වර සීනුව නාද කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් සභා ගැබට නොපැමිණීම හේතුවෙන් මූලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මන්ත්‍රීවරයාට සිදුවුණේ දෙවන වරටත් සීනුව නාද කිරීමටයි.
කෙසේ වෙතත් ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් සභාවට පැමිණීම හේතුවෙන් විවාදය යලි ආරම්භ කෙරුණා. පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය සඳහා මන්ත්‍රීවරු 20 දෙනෙකු සිටිය යුතු වනවා.
